ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාර වෙනුවෙන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට 33 හැවිරිදි කී‍්‍රඩකයකු වන ජෙහාන් මුබාරක් ඇතුළත් කර තිබේ.
ජාතික කණ්ඩායමේ ඕනෑවටවත් වඩා අවස්ථාව ලැබූ ක‍්‍රීඩකයකු ලෙස ජෙහාන් මුබාරක් ප‍්‍රසිද්ධියක් උසුලන අතර මෑතකදී ඔහු කණ්ඩායමට කැඳවුව ද නැවතත් අසාර්ථක විය. එහෙත් පසුගියදා පැවැති අන්තර් සමාජ ප‍්‍රධානතම තරගාවලියේදී එන්. සී. සී. පිල නියෝජනය කළ මුබාරක් තරග 10 කදී, ශතක 6 ක්ද සමගින් ලකුණු 1165 ක් ලබාගැනීමට සමත් විය.
ටෙස්ට් කී‍්‍රඩක උපුල් තරංග ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්්ඩායමේ නායකත්වය දරන අතර ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල නියෝජනය කරන පළපුරුදු කී‍්‍රඩකයෝ කිහිප දෙනකුම ශී‍්‍ර ලංකා ‘එ්’ පිලට ඇතුළත්ව සිටිති.
කෙසේ වෙතත් මෙම සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ කිසිදු ක‍්‍රීඩකයකු ඇතුළත්ව නොමැති අතර 19 න් පහළ කී‍්‍රඩකයන් වන කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික‍්‍රම පසුගිය තරග වලදී දස්කම් දැක්වීමට සමත් වූහ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාර ජූලි මස 14 වැනි සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
උපුල් තරංග, උදාර ජයසුන්දර, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ජෙහාන් මුබාරක්, භානුක රාජපක්‍ෂ, රුමේෂ් බුද්ධික, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, අෂාන් ප‍්‍රියංජන්, චතුරංග ද සිල්වා, අඛිල ධනංජය, සුරාජ් රන්දීව්, සීකුගේ ප‍්‍රසන්න, රමිත් රඹුක්වැල්ල, සචිත් පතිරණ, චාමින්ද බණ්ඩාර, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, චරිත් ජයම්පති, ධම්මික ප‍්‍රසාද්, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ, මහේල උඩවත්ත, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ළහිරු ජයරත්න, ගයාන් මනීෂාන්, මාධව වර්ණපුර සහ රොෂේන් සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.