Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆවාඩ් - අසාර් - ෆහීම් පාකිස්තානු ඉනිම ගොඩනගති

ෆවාඩ් - අසාර් - ෆහීම් පාකිස්තානු ඉනිම ගොඩනගති

editorial - 2021 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆවාඩ් අලාම්ගේ (109) ශතකයත්, අසාර් අලී (51) සහ ෆහීම් අෂ්රාෆ්ගේ (64) අර්ධ ශතකත් සමගින් සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව කරච්චිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) තරගය නතර කරනවිට පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 308 ක් රැස්කර සිටියේය.

දිනය නිමාවන විට හසන් අලී ලකුණු 11 ක් සහ නවුමාන් අලී ලකුණු 6 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පළමු දිනට තරගය නතර කරනවිට ලකුණු 27 කට කඩුලු 4 ක් දැවී දැඩි අසීරූ අඩියකට වැටී තිබූ පාකිස්තානූ ඉනිම ගොඩනැගීමට අසාර් අලී, ෆවාඩ් අලාම් සහ ෆහීම් අෂ්රාෆ් සමත්වූහ. සිය තෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් ෆවාඩ් අලාම් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූ අතර මිනිත්තු 353 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 245 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 109 ක් ලබාගත්තේය.

මිනිත්තු 220 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 151 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අසාර් අලී, පස්වැනි කඩුල්ල සඳහා ෆවාඩ් අලාම් සමගින් ලකුණු 94 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

අසාර් අලී දැවීයාමත් සමගින් ෆවාඩ් අලාම් සමගින් එක්වූ මොහොමඩ් රිස්වාන් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 59 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 33 ක් රැස්කිරීමට මොහොමඩ් රිස්වාන් සමත්විය.

ලකුණු 176 කට කඩුලු 6 ක් බිඳවැටීමෙන් පසුව තවත් ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ෆවාඩ් අලාම් සහ ෆහීම් අෂ්රාෆ් සමත්විය. මිනිත්තු 128 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ෆහීම් අෂ්රාෆ් පන්දු 84 කදි හතරේ පහර 9 ක් සමගින් ලකුණු 64 ක් ලබාසිටියදී ඇන්රිච් නෝයේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ඊයේ දිනයේදී ඉක්මනින් කඩුලු 4 ක් දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වූ අතර අද දිනයේදී පාකිස්තානු පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගියහ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - සියලුදෙනා දැවී 220
(ඩීන් එල්ගා 58, ෆෆ් ඩු ප්ලෙසිස් 23, ජෝර්ජ් ලින්ඩේ 35, කගිසෝ රබාඩා නොදැවී 21, යසීර් ෂා 54/3, නවුමාන් අලී 38/2, සහීන් ෂා 49/2)

පාකිස්තානය - පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 308
(අසාර් අලී 51, ෆවාඩ් අලාම් 109, මොහොමඩ් රිස්වාන් 33, ෆහීම් අෂ්රාෆ් 64, කගිසෝ රබාඩා 45/2, ලුන්ගි න්ගිඩ් 55/2, කේෂව් මහරාජ් 71/2, ඇන්රිච් නෝයේ 84/2)


 

- 2079


අදහස් (0)

ෆවාඩ් - අසාර් - ෆහීම් පාකිස්තානු ඉනිම ගොඩනගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.