Last Update  :  2026-03-21 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ළහිරු උදාරගෙන් තවත් ශතකයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ළහිරු උදාරගෙන් තවත් ශතකයක්

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ශතකයක් ලබාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාර (126) සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජය තරගයේ පළමු දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියේය. ඒ වන විට කවිඳු පතිරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ළහිරු උදාර හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සිය ශතකය සැරසුවේය. පෙර තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක්ද ලබාගත් ඔහු, මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග 9 කදී ඉනිම් 14 ක් තුළ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 694 කි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 53.38 ක් ලෙස සටහන් විය. 

කමිල් මිෂාර (61) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ළහිරු, ඉන් නොනැවතී අහන් වික්‍රමසිංහ (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. කමිල්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. චාමික කරුණාරත්න ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 


එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 386 
(නිරෝෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න නොදැවී 29, දුවිඳු තිලකරත්න 63/3, රවිඳු ප්‍රනාන්දු 95/2) 


අදහස් (0)

ළහිරු උදාරගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.