මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර මේ මස 9 සහ 10 යන දින වලදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 58 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය (ළදරුවන්ගේ හටන) දින නියමයකින් තොරව කල් දමා තිබේ.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු මහනුවර දිස්ත්‍රික්කය පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ හේතුවෙන් තරගය කල්දැමීමට පියවර ගෙන ඇති අතර එය යළිත් පැවැත්වෙන නිශ්චිත දින තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.