Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ පිතිකරු ඩැරන් බ්‍රාවෝ කොදෙව් සංචිතයට කැඳවා සිටිති. කොරෝනා වසංගතය හේතුවෙන් හෝල්ඩර් සහ බ්‍රාවෝ යන දෙදෙනාම පසුගිය මාසයේ බංග්ලාදේශයේදී පැවති තරගාවලියට සහභාගි නොවූහ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා වන කොදෙව් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 13 කි.
බංග්ලාදේශ සංචාරයේදී කොදෙව් පිලේ නායකත්වය දැරූ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් එම තරගාවලියේදී අත්කරගත් 2-0 තරගාවලි ජය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදීත් කොදෙව් පිලේ නායකයා වශයෙන් පත්කර තිබේ. මෙම තීරණයත් සමගින්, කොරෝනා වසංගතයට අභියෝග කළ ලෝකයේ පළමු ක්‍රිකට් නායකයා පමණක් නොව ක්‍රීඩා නායකයාද වූ ජේසන් හෝල්ඩර්ට කණ්ඩායමේ නායකත්වය අහිමි විය.
වසර පහහමාරක කාලයක් තුළ, බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 37 කදී නායකත්වය දරා ඇති හෝල්ඩර් අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාද වෙයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා සිට 25 දක්වා පැවැත්වේ. දෙවන ටෙස්ට් තරගය මාර්තු 29 සිට අප්‍රේල් 2 දක්වා පැවැත්වේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඊළඟ කාණ්ඩයට ඇතුළත් මෙම ටෙස්ට් තරග දෙකම ඇන්ටිගුවා සහ බාර්බුඩා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බටහිර ඉන්දීය ටෙස්ට් සංචිතය:
ක්‍රේග් බ්‍රැත්වෙයිට් (නායක), ජර්මේන් බ්ලැක්වුඩ් (උප නායක), නකෲමා බෝනර්, ඩැරන් බ්‍රාවෝ, ජෝන් කැම්බල්, රහීම් කෝන්වෝල්, ජෝෂුවා ඩි සිල්වා, ෂැනන් ගේබි්‍රයෙල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝශප්, කයිල් මේයර්ස්, කෙමර් රෝච් සහ ජොමෙල් වැරිකන්.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.