Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේසල්වුඩ්ගෙන් එංගලන්තයට සරදම්

හේසල්වුඩ්ගෙන් එංගලන්තයට සරදම්

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටින එංගලන්ත පන්දු යවන්නන් අඩුතරමේ පිත්තෙන්වත් තමන්ගේ වැඩ කොටස කළ යුතු යයි ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හේසල්වුඞ් කියයි. අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය හෙට (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පර්ත්හිදී පැවැති තරගයේදී ඉනිමක සහ ලකුණු 41 ක ජයක් ලබාගත් ඕස්ටේ්‍රලියානුවෝ තරග දෙකක් ඉතිරිව තිබියදීම අළු බඳුන තමන් සතු කරගත්හ. ඕස්ටේ්‍රලියානුවන්ගේ මෙම ජයග්‍රහණයට විශාලතම හේතුවක් වූයේ එංගලන්ත පන්දු යවන්නන් අසාර්ථක වීමයි. ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනාම පන්දු යැවීමේදී ඉතාමත් අසාරථක වී සිටිති. පුහුණුකරුවන් චෝදනා කරන්නේ ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ට සාපේක්‍ෂව බ්‍රෝඞ් සහ ඇන්ඩසන් දෙදෙනාගේ වේගය අඩාළ වී ඇති බවකි.

“අපි හොඳටම දන්න එක දෙයක් තියෙනවා. වේලාසනින් කඩුලු 4 ක් හෝ 5 ක් දවාගත්තොත් ඉතිරි කඩුලු ටික නම් ඉක්මනින්ම බිම දමාගත්තෑකි. ඒ වෙනුවෙන් තණතීරුවෙන් ඒ තරම් සහයෝගයක් අපට ඕනෑ වෙන්නේ නෑ” යයි ජොස් හේසල්වුඞ් පැවසීය.

මෙම තත්ත්වය ඇතිකිරීම සඳහා පෙරමුණ ගත් ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් තිදෙනා වන ජොස් හේසල්වුඞ්, මිචෙල් ස්ටාක් සහ පැටි කමින්ස් තිදෙනා පර්ත් නුවරදී බවුන්සර් වරුසාවකින් එංගලන්තයට සංග්‍රහ කළහ. එහි ප්‍රතිඵලයක් වූයේ එංගලන්ත පසුපෙළ පිතිකරුවන් මුහුණ දුන් ඉනිම 6 න් පහකදීම ලකුණු 100 ක් එකතුකර ගත නොහැකි වීමයි.

එංගලන්ත පසුපෙළ අසාර්ථක වුවත් ඕස්ටේ්‍රලියානු පසුපෙළ පිතිකරුවෝ නිතරම තම කණ්ඩායමට ලකුණු ගෙනෙති. මෙතෙක් පැවැති තරග තුනේදී ඕස්ටේ්‍රලියානු පසුපෙළ පිතිකරුවන් පන්දුවට පහර දුන්නේ ඉනිම තුනකදී පමණි. එයින් අවස්ථා තුනකදීම අවසන් කඩුලු 5 වෙනුවෙන් ලකුනු 100 කට වඩා එක් කිරීමට ඔවුහු සමත් වූහ. අවසන් කඩුලු 5 වෙනුවෙන් පවතින සාමාන්‍යය ලකුණු 142 ක් වන අතර ඉන් අවස්ථා තුනකදීම ඉනිම නවතා ප්‍රතිවාදී පිලට පන්දුවට පහර දීමට ආරාධනා කිරීමේ අවස්ථාවත් නායක ස්මිත්ට ලැබිණ.

හෙට ඇරඹෙන තරගයේදී එංගලන්තය වෙනුවෙන් ටොම් කරන් ටෙස්ට් වරම් දිනාගැනීමට සූදානමින් සිටී. ක්‍රිස් ඔවර්ටන් තුවාල ලැබීම නිසා ඔවර්ටන්ගේ ස්ථානය ටොම් කරන්ට ලැබී තිබේ.


අදහස් (0)

හේසල්වුඩ්ගෙන් එංගලන්තයට සරදම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.