Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේලීස් පිලට ලකුණු 64 ක ජයක්

හේලීස් පිලට ලකුණු 64 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ අද (17 වැනිදා) පැවැති තරගයකින් ජය ගැනීමට හේලීස් කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායන මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් මාස් යුනිචෙලා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා හේලීස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 267 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ළහිරු තිරිමාන්න (80) සහ අවිශ්ක ප්‍රනාන්දු (59) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දම්මික ප්‍රසාද් කඩුලු 4 ක් සහ තිලකරත්න ඩිල්ශාන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා කණ්ඩායමට ඕවර 39.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.

තිලකරත්න සම්පත් (68) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ප්‍රභාත් ජයසූරිය සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින්ද ඇන්ඩි සොලමන්ස් කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


හේලීස් - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 267
(ළහිරු තිරිමාන්න 80, අවිශ්ක ප්‍රනාන්දු 59, මදුරංග සොයිසා 24, නිමේෂ ගුණසිංහ 20, දම්මික ප්‍රසාද් 50/4, තිලකරත්න ඩිල්ශාන් 45/2)

මාස් යුනිචෙලා - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(තිලකරත්න සම්පත් 68, ෆර්වීස් මහරූෆ් 27, තිලකරත්න ඩිල්ශාන් 22, ප්‍රභාත් ජයසූරිය 32/3, ලසිත් ඇඹුල්දෙණිය 35/3, ඇන්ඩි සොලමන්ස් 48/2)

 


අදහස් (0)

හේලීස් පිලට ලකුණු 64 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.