Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේමාල්ගෙන් පැය 2 ක් ප්‍රශ්න කරයි

හේමාල්ගෙන් පැය 2 ක් ප්‍රශ්න කරයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළදී පෙරේදා (08) බාරයට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව මුදාහැර තිබේ. 

එම නිලධාරී කණ්ඩායම මෙන්ඩිස් මහතා කොළඹ ප්‍රධානතම හෝටලයකට ගෙනගොස් එහිදී මුදලට තරග පාවාදීම පිළිබඳව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

එහිදී එම නිලධාරීහූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උසස් නිලධාරියකු මුදලට තරග පාවාදීමට සම්බන්ධ දැයි ප්‍රශ්න කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම කණ්ඩායම පෙරේදා පස්වරු 1.00 ට පමණ ඒ මහතා සහ ඔහුගේ දුරකථනය බාරයට ගත් අතර පස්වරු 3.30 ට පමණ මුදාහැර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.

මෙන්ඩිස් මහතා බාරයට ගන්නා අවස්ථාට පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සම්බන්ධ වී සිටි බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.  
  

 


අදහස් (0)

හේමාල්ගෙන් පැය 2 ක් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.