Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේඩ්න් - ෆිලැන්ඩර් පාකිස්තානය සමග

හේඩ්න් - ෆිලැන්ඩර් පාකිස්තානය සමග

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් සහ දකුණු අප්‍රිකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් පාකිස්තානු පුහුණුකරු කාර්ය මණ්ඩලය සමගින් එක්වී සිටිති.

මෑතකදී ඉල්ලා අස්වූ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් මහතා වෙනුවට නුදුරේදීම එම තනතුර සඳහා සුදුස්සෙකු පත්කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට අලුතින් තේරී පත් වූ රමීස් රාජා මහතා සිය නව කාර්යභාරය පිළිබඳ පළමු මාධ්‍ය හමුව අතරතුර නිවේදනය කළේය.

“2000 දශකයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි ප්‍රබලතම පිතිකරුවකු වශයෙන් හේඩ්න්ගේ භූමිකාව සැලකිල්ලට ගත්විට ලෝක කුසලානයක් දිනවීමට තරම් සැලකිය යුතු අත්දැකීමක් හේඞ්න් සතුව තිබේ. අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් දිනාගත් කණ්ඩායමක සාමාජිකයෙක්. 2007 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහු තරඟ හයකදී ලකුණු 265 ක් රැස් කළේය.

පසුගිය වසරේදී ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් වර්නන් ෆිලැන්ඩර් කඩුලු 269 ක් දවාගෙන ඇති අතර පාකිස්තානයේ වේගපන්දු බලඇණියට සහයදීම සඳහා ඔහු කැඳවා ඇත්තේ මිස්බා සමඟින් වකාර් යූනිස්ද ඉල්ලා අස්වීමෙන් පසුවය.

මැතිව් හේඩ්න් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර, ඔහුට ලෝක කුසලාන දිනා ගැනීමේ පළපුරුද්දක් ඇති අතර ඔහුම විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ බව රමිස් රාජා මහතා පැවසීය.

“ඇත්තෙන්ම පාකිස්තානයට ලෝක කුසලානය දිනා ගත හැකියි. ඔවුන්ට අවශ්‍ය වන්නේ 10% ක් වැඩිපුර ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු කිරීම පමණයි....”

“වර්නන් ෆිලැන්ඩර්ව මා හොඳින් දන්නවා. ඔහු පන්දු යැවීම කියන්නේ මොකක්ද කියලා තේරුම්ගත්ත ක්‍රීඩකයෙක්. ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට වාර්තාවක් ද ඔහු සතුව තියෙනවා” යයිද රමීස් රාජා මහතා පැවසීය.

“අපි අපේ සැලසුම් හොඳින් සකස් කර ගත යුතුයි. පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩාවේ ජාන තමයි නිර්භය ලෙසින් ක්‍රීඩා කිරීම. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපි ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීමක් කළ යුතුයි” යයිද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ප්‍රධානියා පැවසීය.

- 2079

 


අදහස් (0)

හේඩ්න් - ෆිලැන්ඩර් පාකිස්තානය සමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.