Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හලාවත ආනන්ද - පුත්තලම ආනන්ද මහ තරගය 8

හලාවත ආනන්ද - පුත්තලම ආනන්ද මහ තරගය 8

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුත්තලම ආනන්ද මහා විදුහල සහ හලාවත ආනන්ද ජාතික  පාසල අතර සුහද එක් දින ක‍්‍රිකට් තරගය මේ මස 8 වැනිදා පුත්තලම ආනන්ද මහ විදුහල් ක‍්‍රිඩා  පිටියේදී පැවැත්වේ.

වින්ග් කමාන්ඩර් රාජ් ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරගය මෙවර සංවිධානය කෙරෙන්නේ හය වැනි වරටය.

 කලින් පැවැති තරග පහෙන් තුනක ජය පුත්තලම ආනන්දයට හිමි වු අතර දෙකක ජය හලාවත ආනන්දයට හිමි විය.

වයස අවුරුදු 19 න් පහල පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කාණ්ඩයේ අවසන් වටය දක්වා තරග තිරීමට පුත්තලම ආනන්ද ක‍්‍රීඩකයින් සමත් ව ඇති අතර එම ක‍්‍රීඩකයෝ වැඩි දෙනෙක් තුන් ඉරියව්වෙන් දස්කම් පානා ක‍්‍රිඩකයෝ  වෙති.

හලාවත ආනන්ද කණ්ඩායමේ කී‍්‍රඩකයින් අතරද දක්‍ෂ කී‍්‍රඩකයන් සිටින බැවින් මෙවර තරගය වඩාත් උණුසුම් තරගයක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 


පුත්තලම ආනන්ද මහ විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ
නිසල් කවිඳු,  සුරේන් නිලංක පෙරේරා (පුහුණුකරු), අශේන් ගිම්හාන (නායක), සීතා පුෂ්පා කුමාරි මහත්මිය(විදුහල්පතිනිය), සමිත සුලක්ෂණ,  එම් ආර් එමි රිකාන් මහතා (ක‍්‍රිකට් භාර ආචාර්ය) සහ  අශේන් සේරංග.

පසු පෙළ
සල්මන් චතුරංග, එම්. දිල්ශාන්,  ෂෙහාර සඳරුවන්,  ලක්මාල් ප‍්‍රදීප,  පුබුදු නිර්මාල්  මොහොමඞ් වසීර්, නඳුන් සංජුල, ශාන්ත එරන්ද, දිලූම් මධුශාන සහ ධනුෂ්ක චාමර

 


හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම
පමුදු මෙත්තසිංහ (නායක), එන්. ප‍්‍රදීප්,  ඩිල්ශාන් සත්සර, ධර්ම ශ‍්‍රී‍්‍ර විජයරත්න,   රෝහාන් ඉලංගසේකර (පුහුණුකරු), ජේ. ඒ. ඞී. වික‍්‍රම (විදුහල්පති), රුක්ශාන් මධුසංඛ ( සම්බන්ධීකරණ නිලධාරි), රොෂාන් පීරිස්(පුහුණුකරු) සහ පසිඳුු ගඟුල්
නිශාන් අචලංක, කවිඳු සමිත, පසිඳු දේශාන්, එස්, පියුමන්ත, නිශාදි බණ්ඩාර, ඉෂාන් මධුසංඛ, අශාන් ඉන්ඳුල  කවිඳු මධුරංග, රුවන් තරංග, ඔනෙල් ඉලංගසේකර, හිරුෂ ධනප‍්‍රිය සහ චමෝද් ලක්ෂාන්

 


අදහස් (0)

හලාවත ආනන්ද - පුත්තලම ආනන්ද මහ තරගය 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.