Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හර්ෂිතාගේ ඡන්ද ගොඩ 4460 කින් වැඩිවෙයි

හර්ෂිතාගේ ඡන්ද ගොඩ 4460 කින් වැඩිවෙයි

Nisanka Sandeepani - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) 22 වැනි සතියේදී සිය ඡන්ද සංඛ්‍යාවට අලුතින් ඡන්ද 4460 ක් එක්කර ගැනීමට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සමත්ව සිටින්නීය. ඒ අනුව මේ වන විට ඇය ලබාගෙන ඇති මුලු ඡන්ද සංඛ්‍යාව 14,219 ක් දක්වා වර්ධනය වී තිබේ. 
 
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 7,888 ක් වන අතර ගෙවී ගිය සතියේදී ඇයට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 402 ක් පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 6,331 කි. 
 
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් කෙමෙන් කෙමෙන් ඡන්ද 30,000 සීමාවට ලඟාවෙමින් සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1,567 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 28,700 කි. 
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 17,876 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 945 කි. ඒ අනුව ඩෙලන් සහ සචින් අතර පැවැති ඡන්ද පරතරය 10,824 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සහ කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා පිළිවෙලින් ඡන්ද 12,759 ක් සහ 3,131 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති. 
 
නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 15,744 ක් ලබා සිටින අතර රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 12,597 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. ගෙවී ගිය සතියේදී ඡන්ද 1,183 ක් ලබාගැනීමට දෙනුවන් සමත්ව ඇති අතර එහිදී කෙනුල ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,790 කි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 ඉන්දික විජයගුණරත්න, 310/01, 15වැනි මාවත, නයිවල, වේයන්ගොඩ 
2 අෂාන් ලක්ෂිත, 39, දැල්තර, පිළියන්දල 
3 රුක්මන් සිල්වා, 20/3, පල්ලිදොර පාර, කවුඩාන, දෙහිවල 
4 එම්.ඊ. වැන්ඩවට්, 152, සුහද මාවත, මහහුණුපිටිය, මීගමුව 
 
-036 

අදහස් (0)

හර්ෂිතාගේ ඡන්ද ගොඩ 4460 කින් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.