ඇල්පිටිය ආනන්ද විදුහල සහ බෙන්තොට ගාමිණී ජාතික පාසල අතර බෙන්තොටදී අද (10 වැනිදා) පැවැති ‘හරිත-නීල සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 5 ක තියුණු ජයක් අත්කරගැනීමට ගාමිණී ජාතික පාසල සමත් විය.
වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාමිණී විදුහල ඕවර 35 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 143 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 12 පසුපසින් සිටියේය.
ආනන්ද විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 154
(බවන්ත පේෂක 35, රකිත සුපුන්සර 23, හිරුෂ ආකාෂ් 21, තාරුක දිව්‍යාංගන 23/3, පසිඳු රන්දිම 24/3, පසිඳු ලක්ෂාන් 22/2)
ගාමිණී විදුහල - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 143
(ආකාෂ් ලෝචන 44, හෂාන් ජනුක 32, ගයාන් මදුෂංක නොදැවී 31, බවන්ත පේෂක 30/3, රවිඳු රසාංජන 17/2, හිරුෂ ආකාෂ් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.