Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයිද්‍රාබාද් පිලට ලකුණු 9 ක තියුණු ජයක්
අයි.පී.එල්. 2023

හයිද්‍රාබාද් පිලට ලකුණු 9 ක තියුණු ජයක්

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලිහි අරුන් ජයිට්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 188 ක් පමණි. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මිචෙල් මාෂ් පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් ලකුණු 63 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් (59) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 112 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාෂ් සමත් වූ නමුත් එම සම්බන්ධතාව දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට තරම් ප්‍රමණවත් නොවීය. පන්දු 35 කදී වාර්තා වූ සෝල්ට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා (67) සහ හෙන්රිච් ක්ලාසන් (නොදැවී 53) අර්ධ ශතක ලබමින් හයිද්‍රාබාද් ඉනිම සවිමත් කළහ.

පන්දු 36 කට මුහුණදුන් අභිෂේක් හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 27 කදී වාර්තා වූ ක්ලාසන්ගේ අර්ධ ශතයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. අබ්දුල් සමාද් පන්දු 21 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 197
(අභිෂේක් ශර්මා 67, හෙන්රිච් ක්ලාසන් නොදැවී 53, අබ්දුල් සමාද් 28, අකීල් හොසේන් නොදැවී 16, මිචෙල් මාෂ් 27/4)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 188
(පිලිප් සෝල්ට් 59, මිචෙල් මාෂ් 63, අක්සර් පටේල් නොදැවී 29, මායන්ක් මාර්කන්ඩේ 20/2)

-036

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිලට ලකුණු 9 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.