Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොනී බෙයාස්ටෝගේ වේගවත් පිතිහරඹයත්, කලීල් අහමඩ්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහිදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
නායක ඩේවිඩ් වෝනර් (37) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාස්ටෝ, ඉන් නොනැවතී කෙන් විලියම්සන් (නොදැවී 16) සමග එක්ව පන්දු 51 කදී ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 37 කදී වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 120 කට සීමා කිරීමට කලීල් අහමඩ් ප්රමුඛ හයිද්‍රාබාද් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අහමඩ් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් අතර පන්ජාබ් ඉනිම අඩ පණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අභිෂේක් ශර්මා ලකුණු 24 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, ශාරුක් ඛාන් පන්දු 17 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද රැස්කළ අතර ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්ට පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.
පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 120
(මායන්ක් අගර්වාල් 22, ක්‍රිස් ගේල් 15, මොයිසස් හෙන්රික්ස් 14, ශාරුක් ඛාන් 22, කලීල් අහමඩ් 21/3, අභිෂේක් ශර්මා 24/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.4 කදී කඩුල්ලක් දැවී 121
(ඩේවිඩ් වෝනර් 37, ජොනී බෙයාස්ටෝ නොදැවී 63, කේන් විලියම්සන් නොදැවී 16)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.