Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු පිතිකරුවා වීමට පන්නිපිටිය ධර්මපාල විදුහලේ හිමාෂ හේෂාන් සමත් විය.
රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව පන්නිපිටිය ධර්මපාල විදුහල් ක‍්‍රීඩාංගණයේදී සෙනසුරාදා ලබාගත් ලකුණු 102 ත් සමගින් ලකුණු 1000 පසුකළ හේෂාන් අද (31 වැනිදා) මෙම තරගයේ දෙවැනි ඉනිමේදී තවත් ලකුණු 26 ක් ලබාගනිමින් සිය ලකුණු එකතුව 1057 දක්වා වැඩිකරගත්තේය.
මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ සියලූම කාණ්ඩවලින් මේ දක්වා වාර්තා වූ පළමු ලකුණු 1000 මෙය වීම කැපී පෙනේ.
වමත් පිතිකරු හිමාෂ මේ වන විට තරග 12 කදී ශතක තුනක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1057 ක් රැුස්කිරිමට සමත්ව සිටියි.
මෙම තරගයේ පළමු ඉනිමේදී හිමාෂ පන්දු 94 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.
හිමාෂ මීට පෙර මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ලකුණු 195 ක්ද, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 169 ක් ද රැස් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.