Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
---------------------
දමින්ද විජේසූරිය
---------------------
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරු වී ඇති හෙයින් ශ්‍රී ලංකා ටෙස්ට් කණඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6 ක කාලයක් සඳහා කිසිම ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි වන පරිදි තහනමක් පනවා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද මෙම තහනම අද (28 වැනිදා) නිවේදනය කළේය.
නුවන් සොයිසාගේ තහනම තාවකාලිකව ඔහුට මූලික තහනමක් පනවන ලද 2018 ඔක්තෝබර් 31 දක්වා පසුදාතමක් යොදා තිබේ. ඒ අනුව එය ක්‍රියාත්මක වන්නේ 2018 ඔක්තෝබර් 31 වැනිදා සිටය. කලින් දන්වන ලද පරිදි, ලිඛිත මෙන්ම වාචික තර්ක විතර්ක හා ඉදිරිපත් කිරීම් වලින් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන විනිශ්චය සභාව විසින් සොයිසා වැරදිකරු කරන ලදි.
පහත සඳහන් වගන්ති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නුවන් සොයිසා වැරදිකරු වී තිබේ.
2.1.1 වගන්තිය - අන්තර්ජාතික තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, ගලායාම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට ගිවිසුමකට හෝ උත්සාහයකට පක්ෂ වීම.
2.1.4 වගන්තිය - 2.1 වන වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.
2.4.4 වන වගන්තිය - දූෂණ මර්ධන නීති පද්ධතිය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු දූෂණ මර්ධන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.
ටී 10 ලීග් තරගාවලියට සහභාගිවන්නන් සඳහා එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ කරුණු තුනක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ද සොයිසාට එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව චෝදනා ගොනු කර තිබිණ. එම පරීක්‍ෂණ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු වෙමින් පවතී.
“නුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 125 කට ක්‍රීඩා කර තියෙනවා. ඒ වගේම දශකයක් පුරා පැවති ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ දූෂණ විරෝධී සැසිවාර ගණනාවකට සහභාගී වී තිබෙනවා. ජාතික පුහුණුකරුවෙකු ලෙස, ඔහුගේ භූමිකාව තුළ, ඔහු ආදර්ශයක් ලෙස ක්‍රියා කළ යුතුව තිබුණා. ඒත් ඒ වෙනුවට ඔහු දූෂකයෙකු සමඟ සම්බන්ධ වී අන් අයත් දූෂණය වෙත යොමු කිරීමට උත්සාහ කළා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
“තරගයක ප්‍රතිඵලය හිතාමතාම වෙනස් කිරීමට උත්සාහ කිරීම, ක්‍රීඩා මූලධර්මවල පදනම පාවා දීමක් වෙනවා. අපේ ක්‍රීඩාවේදී එවැන්නක් ඉවසා සිටින්න බෑ” යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
මේ වන විට 42 හැවිරිදි වියේ පසුවන නුවන් සොයිසා ටෙස්ට් තරග 30 කදී සහ එක්දින තරග 95 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් එකම පන්දු යවන්නා වෙයි. ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ද පුහුණුකරුවකු ලෙසින් කටයුතු කර තිබේ.
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේ ටද දූෂණ චෝදනා මත, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින්, මේ මාසය මුලදී, වසර 8 ක ක්‍රිකට් තහනමක් පනවන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.