Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී පන්දු 35 කින් ශතකයක් ලබාගත් වෛභව් සූර්යවංශි විස්සයි-20 ශතකයක් ලබාගත් ලෝකයේ ලාබාළතම පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්විය. එය අයි.පී.එල්. තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් දෙවැනි වේගවත්ම ශතකය ලෙසින් ද වාර්තා පොතේ ලියවෙයි.
මෙම දස්කම හේතුවෙන් “ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඊළඟ සුපිරි තරුව” ලෙසින් වෛභව් සූර්යවංශි හඳුන්වාදීමට ලෝකය පුරා ක්‍රිකට් විචාරකයෝ නොපැකිළවම ඉදිරිපත් වූහ.
සඳුදා (28 වැනිදා) ජායිපූර් නුවරදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලු අටක විශිෂ්ට ජයග්‍රහණයේ නියමුවා වූයේ වමත් ආරම්භක පිතිකරුවා වන වෛභව් සූර්යවංශිය. රාජස්තාන් පිතිකරුවන් ලකුණු 209 ක ඉලක්කයක් කරා යාමේදී සූර්යවංශි, පන්දු 17 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ එක් ඕවරයකින් ලකුණු 28 ක් ලබා ගනිමිනි. එහෙත් එතැනින් නොනැවතුණු ආරම්භක පිතිකරුවා පන්දු 35 කින් සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහුගේ ශතකය හතරේ පහර 7 කින් සහ හයේ පහර 11 කින් සමන්විත විය.
එය සූර්යවංශිගේ තුන්වන අයි.පී,එල්. තරගය විය. වසර 2008 දී ආරම්භ කරන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේදී දෙවන වේගවත්ම ශතකය ලබාගත් සූර්යවංශි දෙවැනි වන්නේ 2013 දී ක්‍රිස් ගේල් පන්දු 30 කින් ලබාගත් ශතකයට පමණකි.
සූර්යවංශිට වයස අවුරුදු 13 ක් ව තිබූ පසුගිය වසරේ නොවැම්බර් වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඩොලර් 130,500 කට සූර්යවංශි මිලදී ගන්නා ලදි. රාජස්තාන් රෝයල්ස් හිමිකරුවන් තමන් වෙනුවෙන් ආයෝජනය කළ මුදල සාධාරණීකරණය කළ සූර්යවංශි, ක්‍රිකට් ක්‍රීඩාවේ පළපුරුදු විරුද්ධවාදීන් හමුවේ නිර්භීත පිතිහරඹයක නිරත විය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.