Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සූර්යකුමාර් මුම්බායි පිල දිනවයි

සූර්යකුමාර් මුම්බායි පිල දිනවයි

editorial - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සූර්යකුමාර් යාදව්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී බදාද (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමු‍ණේ පසුවන මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදි ලැබූ 8 වැනි ජයග්‍රහණය මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ඉෂාන් කිෂන් ලකුණු 25 ක්ද, ක්වින්ටින් ඩි’කොක් ලකුණු 18 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ. පන්දු 19 කදී වාර්තා වූ කිෂන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 19 කදී වාර්තා වු ඩි’කොක්ගේ ඉනිම හයේ පහරකින්ද සමන්විත විය. හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 15 කදී ලකුණු 17 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් 47 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජොෂ් පිලිප් (33) සහ දෙව්දූත් පඩික්කල් (74) සමත් වූහ. පන්දු 45 කට මුහුණදුන් පඩික්කල් හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසුවේය. පන්දු 24 කදී වාර්තා වූ පිලිප්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජස්ප්‍රීට් බුම්රා සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීය. ඊට පඩික්කල්ගේ සහ නායක විරාට් කෝලිගේ (9) කඩුල්ලද ඇතුළත් විය. කිරන් පොලාඩ්, ට්‍රෙන්ට් බෝල්ට් සහ රාහුල් චාහර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 6 කට 164
(ජොෂ් පිලිප් 33, දෙව්දූත් පඩික්කල් 74, ඒ.බී. ඩිලියස් 15, ගුරුකීත් සිං නොදැවී 14, ජස්ප්‍රීට් බුම්රා 14/3)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 5 කට 166
(ක්වින්ටින් ඩි’කොක් 18, ඉෂාන් කිෂන් 25, සූර්යකුමාර් යාදව් නොදැවී 79, හර්දීක් පාණ්ඩ්‍යා 17, මොහොමඩ් සිරාජ් 28/2, යුස්වේන්ද්‍ර චාහල් 37/2)

-036

අදහස් (0)

සූර්යකුමාර් මුම්බායි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.