Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුඛිත ආරම්භයේදීම පෙරමුණ ගනී

සුඛිත ආරම්භයේදීම පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) ආරම්භක සතිය නිමාවන විට ඡන්ද 186 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්ව සිටියි. සුඛිතට වඩා ඡන්ද 117 ක් පසුපසින් සිටින මහනුවර ත්‍රිත්ව විදුහලේ අභිෂේක් ආනන්ද (ඡන්ද 69) එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

ගම්පහ ශාන්ත පීතර විදුහලේ තරුෂ සඳරුවන් ඡන්ද 15 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 8 ක් ලබාගනිමින් බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නීය.
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වේ. www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.  

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ

1 ඒ. විතාන - 50/3/1, හීනටිකුඹුර, තලංගම උතුර, බත්තරමුල්ල
2 ධනංජය ප්‍රේමතිලක -  23/ඒ, තම්මිට, මාකේවිට
3 ක්‍රිෂාන් ආනන්දකුමාර -  152, මාපනාවතුර, මහනුවර
4 බී.ඒ. මැතර් -  13ඒ-6/2, ෆසල්ස් වීදිය, වැල්ලවත්ත

 

- 036


අදහස් (0)

සුඛිත ආරම්භයේදීම පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.