Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.අයි.එන්.ඊ.සී. පිලට කඩුලු 10 විශිෂ්ට ජයක්

සී.අයි.එන්.ඊ.සී. පිලට කඩුලු 10 විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (20) පැවැති තරගයකදී ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයීය (ඒ.සී.එච්.ඊ) පිලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කොළඹ ජාත්‍යන්තර නාවික සහ ඉන්ජිනේරු විද්‍යාලයීය කණ්ඩායම (සී.අයි.එන්.ඊ.සී.) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව් දස්කම් දැක්වූ එන්.යසවර්ධන අර්ධ ශතකයක් (නොදැවී 65) සහ ලකුණු 8 කට කඩුලු 3 ක් දවාගනිමින් කොළඹ ජාත්‍යන්තර නාවික සහ ඉන්ජිනේරු විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.


ඒ.සී.එච්.ඊ. - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 123
(අහ්මඞ් රුසූක් 24, එන්.යසවර්ධන 08/3, සස්මිත කොඩිතුවක්කු 24/3)

සී.අයි.එන්.ඊ.සී. - ඕවර 13.4 කදී කිසිවකු නොදැවී ලකුණු 124
(එන්.යසවර්ධන නොදැවී 65, වී.ගුණවර්ධන නොදැවී 36)

 


අදහස් (0)

සී.අයි.එන්.ඊ.සී. පිලට කඩුලු 10 විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.