Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව හමුවේ කොයිතරම් හොඳින් ක්‍රීඩා කළත් සිය වැටුපෙන් කොටසක් අහිමි වීමේ අවදානමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මුහුණ දී සිටිති. සිමබාබ්වේ ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටීම මීට හේතුවයි.
සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති තවෙන්ග්වා මුකුලානි මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වෙ පිල අතර හරාරේ නුවරදී දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙමින් තිබියදීමය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය අදයි.
“ඉතාමත් ඉක්මනින් ඔවුන්ගේ පඩි කපන්න වෙනවා. මේ පඩි කැපීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මකයි” යයි මුකුලානි මහතා පැවසීය. ක්‍රීඩකයන්ගේ වැටුපෙන් කොපමණ ප්‍රමාණයක් කැපේ ද යන්න සිම්බාව්වේ සභාපතිවරයා නොකී නමුත් ක්‍රීඩකයන්ට මේ වන විටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයිද හෙතෙම පැවසීය.
“ඇත්ත වශයෙන්ම මේක ටිකක් අමාරු වැඩක් තමයි. ඒත් මා හිතනවා සෑම කෙනෙක්ම මේ තත්ත්වය වටහා ගනීවි කියා. මේක හෙට දවසේ පැවැත්ම වෙනුවෙන් අද දවසේ කළ යුතු කැපකිරීමක්” යයිද සිම්බාබ්වේ ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.
සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට මෙම ආරංචිය ලැබෙන විට ඔව්හු ශ්‍රී ලංකාව හමුවේ කලාතුරෙකින් ලබාගතහැකි ජයක් සොයා යමින් සිටියහ. තරගයේ අවසන් දිනය වූ අද (31 වැනිදා) ලකුණු 361 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන විට කඩුල්ලක් දැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
මෙම තරගය සිම්බාව්වේ පිල වසරකට පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වන අතර සිය මව්බිමේදී වසර දෙකකට පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගයයි.
සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට මීට මාස කිහිපයකට පෙර බොහෝ අමාරුකම් වලට මුහුණ දීමට සිදුවූ අතර මාස කිහිපයකින් ඔවුන්ට වැටුප්ද නොලැබිණ. මෙම අර්බුදකාරී අවස්ථාවේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කිහිප දෙනකුම රට හැර ගියහ.
සිම්බාබ්වේ රජයේ අත පෙවීම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිම්බාබ්වේට මාස තුනක තහනමක්ද පනවන ලදි. මෙම තහනම හේතුවේ සිම්බාබ්වේ පිලට මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරගයට හෝ සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.