අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ වෙස්ලි විදුහල් ‘බී’ කණ්ඩායම අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් 285 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී අති විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමේ කිත්ම සිත්මල් (245) ද්විත්ව ශතකයක් ලබාගත්තේය.
ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 424
(කිත්ම සිත්මල් 245, කවීෂ පුංචිහේවා 27, නෙතුල එදිරිමාන්න 38, එරේන් අලී 71/3, මනුත් ද සිල්වා 75/2, දනුජය ද ලිවේරා 80/2, නෙහෙමියන් පෙරේරා 41/2)
වෙස්ලි විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 139
(මිනග පෙරේරා 18/3, සෙවින් බටුගහගේ 16/2, ශාරද ජයරත්න 39/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.