ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක්‍රිකට් සම්මේලනය ඉදිරියේදී සංවිධානය කරන දේශීය සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරගාවලි ස`දහා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම්වල විදෙස් තරග සංචාර සඳහා කැන්රීච් ෆිනෑන්ස් සමාගම අනුග්‍රහය දක්වනු ඇත.
ඉදිරි මාස නවය තුළදී තරගාවලි අටක් සංවිධානය කිරීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක්‍රිකට් සම්මේලනය විදෙස් තරගාවලි පහකට කණ්ඩායම් යැවීමට ද සුදානම් වේ.
කැන්රීච් ෆිනෑන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී එරන්ද අමල්ගොඩගේ මහතා විසින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට අනුග්‍රහකත්වය නිල වශයෙන් පිරිනමන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ, එම සම්මේලනයේ ලේකම් කුමාර කුමානායක, භාණ්ඩාගාරික ධම්මික බණ්ඩාර, මාධ්‍ය අධ්යක්ෂ නිමල් වීරතුංග, ඉසව් කළමනාකරු සුදත් අමරසිංහ, රසික පෙරේරා සහ හරිත් වලිසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගිවුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.