Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමස් විදුහලට ලකුණු 171 ක ජයක්

සාන්ත තෝමස් විදුහලට ලකුණු 171 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 171 ක පහසු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝන් විදුහලට  ඕවර 35.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 91 ක් පමණි.

රොමේෂ් නල්ලපෙරුම ලකුණු 16 කට කඩුලූ 4 ක් සහ සුපුන් රත්නායක ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගනිමින් ශාන්ත ජෝන් ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පන්දු 123 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස් කිරීමට සචිත‍්‍ර ජයතිලක සමත්විය.

සාන්ත තෝමස් විදුහල ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 262
(සචිත‍්‍ර ජයතිලක නොදැවී 108, යොහාන් මෙන්ඩිස් 26, කනිෂ්ක පෙරේරා 28, රොමේෂ් නල්ලපෙරුම 19, රාජපක්ෂගේ නිමේෂ් 43/3, ධනංජය ගීතික 64/3)

ශාන්ත ජෝන් විදුහල ඕවර 35.3 කදී සියලූ දෙනා දැවී 91  
(ඩිලාන් මධුසංක 22, රොමේෂ් නල්ලපෙරුම 16/4, සුපුන් රත්නායක 21/3, රෂ්මික  ඕෂිත 10/2)

036


අදහස් (0)

සාන්ත තෝමස් විදුහලට ලකුණු 171 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.