Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරයි

ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරයි

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිචෙල් ස්ටාක්ගේ (26/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලෝක කුසලාන තරගාවලියේ ලෝඞ්ස්හිදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 86 ක ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 43.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ මිචෙල් ස්ටාක් ඕවර 9.4 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවෝ මෙල්ල කිරිමට සමත්විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ස්ටාක් විසින් කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි අවස්ථාව වන අතර මේ වනවිට ඔහු කඩුලු 24 ක් දවාගැනීමට සමත්වී ඇත.

එක් අවස්ථාවකදී කඩුලු 3 කට ලකුණු 97 ක් රැස්කරමින් නවසීලන්තය සාර්ථක පිතිහරඹයක නිරතවුවද අවසන් කඩුලු 7 ලකුණු 39 ක් තුල දැවීයාම ඔවුන්ගේ පරාජයට හේතුවිය.

කේන් විලියම්සන් ලකුණු 40 ක්, රොස් ටේලර් ලකුණු 30 ක් සහ මාටින් ගප්ටිල් ලකුණු 20 ක් රැස්කිරීමට සම්ත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් හිමිනොවූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාවට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 243 ක් පමණි. ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 4 ක් ද ලොකී ෆර්ගසන් සහ ජේම්ස් නීෂම්  කඩුලු 2 බැගින් දවාගනිමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 92 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වුවද 6 වැනි කඩුල්ල සඳහා උස්මාන් කවාජා සහ ඇලෙක්ස් කේරී එක්ව පන්දු 129 කදී ලකුණු 107 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ උස්මාන් කවාජා පන්දු 129 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 88 ක් රැස්කළ අතර ඇලෙක්ස් කේරී පන්දු 72 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත්විය.

නමුත් 7 වැනි කඩුල්ල සඳහා එක්වූ උස්මාන් කවාජා සහ පැටි්‍රක් කමින්ස් අවසන් ඕවරය දක්වා පන්දුවට පහරදුන්නද ඔවුන්ට පන්දු 39 කදී රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 44 ක් පමණි. ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි පැටි්‍රක් කමින්ස් පන්දු 19 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 23 ක් ලබාගැනීමට සමත්විය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 243
(උස්මාන් කවාජා 88, මාකස් ස්ටොයිනිස් 21, ඇලෙක්ස් කේරී 71, පැට්‍රික්ස් කමින්ස් නොදැවී 23, ට්‍රෙන්ට් බෝල්ට් 51/4, ලොකී ෆර්ගසන් 49/2, ජේම්ස් නීෂම් 28/2)

නවසීලන්තය - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 157
(මාටින් ගප්ටිල් 20, කේන් විලියම්සන් 40, රොස් ටේලර් 30, මිචෙල් ස්ටාක් 26/5, ජේසන් බෙරෙන්ඩෝෆ් 31/2)

 

...


අදහස් (0)

ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.