Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සඳකැන් හොඳම 10 අතරට

සඳකැන් හොඳම 10 අතරට

editorial - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහි පැවැති විස්සයි20 තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ලක්ෂාන් සඳකැන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්වී ඇත.

මේ වනවිට ප්‍රසාද ලකුණු 639 ක් ලබාගෙන ඇති ලක්ෂාන් සඳකැන් විස්සයි20 තරග ඉතිහාසයේ ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛාව ලෙස වාර්තාවේ. කොදෙව් පිලට එරෙහිව තරග 2 කට පමණක් එක්වූ සඳකැන් එහිදී කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරගාවලිය ආරම්භයට පෙර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 19 වැනි ස්ථානයේ පසුවූ සඳකැන් ස්ථාන 10 ක් ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.

තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 448 ක් ලබාගනිමින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 51 වැනි ස්ථානයේ පසුවු වනිඳු හසරංග තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 623 ක් ලබාගනිමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 40 ක් ඉදිරියට පැමිණ ඇත.

කොදෙව් පිලට එරෙහිව තරග 3 කට එක්වූ වනිඳු හසරංග එහිදී කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. කඩුලු 4 ක් දවාගත් අකිල ධනංජය 33 වැනි ස්ථානය දක්වා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණ ඇත.

තුන් ඉරියන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හී 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග සමත්විය.

- 2079


අදහස් (0)

සඳකැන් හොඳම 10 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.