Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචිත - රවිඳු සා. තෝමස් ඉදිරියට ගෙනෙති

සචිත - රවිඳු සා. තෝමස් ඉදිරියට ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සචිත ජයතිලකගේ සහ රවිඳු තිලකරත්නගේ පන්දු යැවීම නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව ගල්කිස්සේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 68 ක ජයක් අත්කර ගත් සාන්ත තෝමස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

තරගයේ ඉනිම දෙකේදී සචිත ජයතිලක ලකුණු 63 කට කඩුලූ 8 ක් දවාගනිමින්ද, රවිඳු තිලකරත්න 92 කට කඩුලූ 7 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ. දිලේන්ද්‍ර ගුණතිලක (69) සහ රෂ්මික  ඕපාත (53) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.

 

සාන්ත තෝමස් විදුහල  පළමු ඉනිම - ඕවර 74.1 කදී සියලූ දෙනා දැවී 342
(දිලේන්ද්‍ර ගුණතිලක 69, රෂ්මික  ඕපාත 53, සචිත‍්‍ර ජයතිලක 40, රවිඳු කොඩිතුවක්කු 31, රොමේෂ් නල්ලපෙරුම 30, රවිඳු තිලකරත්න 24, යොහාන් මෙන්ඩිස් 22, සංගීත් දේෂාන් 65/4, ආකාෂ් සෙනෙවිරත්න 89/2, රුක්ෂාන් ප‍්‍රනාන්දු 93/3)

ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලූ දෙනා දැවී 120
(සංගීත් දේෂාන් 31, ලසිත් කෲස්පුල්ලේ 26, සචිත ජයතිලක 26/4, රවිඳු තිලකරත්න 47/4, ශෙනාල් ද සිල්වා 19/2)

ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලූ දෙනා දැවී 154
(කි‍්‍රෂාන් සංජුල 45, ආකාෂ් සෙනෙවිරත්න 28, ඉනෝෂ් ද සිල්වා 20, සචිත ජයතිලක 37/4, රවිඳු තිලකරත්න 45/3, ශෙනාල් ද සිල්වා 36/2)

 


අදහස් (0)

සචිත - රවිඳු සා. තෝමස් ඉදිරියට ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.