අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල ජාතික පාසල අතර පල්ලෙකැළේදී පැවැති තරගයෙන් ලකුණු 99 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය රාහුල විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 78 ක් පමණි.
රාහුල විදුහලේ ඉනිම සුනුවිසුණු කර දැමූ ලසන්ත ද සොයිසා ලකුණු 5 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඔහුගේ කඩුලූ 5 න් 3 ක් කඩුලූ ති‍්‍රත්වයක් විය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 177
(එල්. අයි. වැටගොඩ 30, ලසන්ත ද සොයිසා 28, ලක්ෂාන් බුවනෙක 21, උදාර යටවර 21, එන්. ජේ. රාජපක්ෂ 38/2, ඞී. එස්. අත්තනායක 40/2)
ශ්‍රී රාහුල ජාතික පාසල - ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 78
(ඒ. සේනාරත්න 19, ඒ. කාහිඟල 14, ලසන්ත ද සොයිසා 5/5, කේ. බී. පෙරේරා 5/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.