Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශූරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි
මහ ක්‍රිකට් තරග - 2026

ශූරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

editorial - 2026 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය  අතර  පසුගිය සති අන්තයේදී පැවති ‘ශූරයන්ගේ සටන‘ ක්‍රිකට්  තරගය සිව් වැනි වරටත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගය ජයගැනීමට නම් දේවපතිරාජ විද්‍යාලයට දෙවැනි ඉනිමේදී  ඕවර 10 කින්  ලකුණු  202 ක් ලබාගත යුතුව තිබිණ. දේවපතිරාජ විද්‍යාලයට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ කඩලු 2ක් දැවී ලකුණු156ක් පමණි. ප්‍රහාරත්මක  පිති හරඹයක නිරතවූ  දේවපතිරාජ විදයාලයේ අරෝෂ සිතුමිණ පන්දු 35 කදී ශතකයක් ලබා ගැනීම විශේෂයෙන්ම කැපී පෙණින.

අරෝෂ සිතුමිණ තරගය නිමාවන තෙක් නොදැවී පිටියේ රැඳී සිටි අතර පන්දු 38 කදී නොදැවී ලකුණු 105ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 10 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. අරෝෂ සිතුමිණ දෙවැනි ඉනිමේදී මෙන්ම පළමු ඉනිමේදී ද පන්දු 21 කින් අර්ධ ශතකයක් ලබා ගත්තේය. එහිදී ඔහු හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 51ක්  ලබා ගත්තේය.

පසුගිය වසරේදී පැවැති ශූරයන්ගේ සටන තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ජය හිමිකර ගත්තේය.

මෙවර තරගයේදී කාසියේ වාසිය දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය.

සත්කාරකයන් වන පි.ද.එස්.කුලරත්න විද්‍යාලයට පළමුවෙන්ම  පන්දුවට පහර දීමට  ආරාධනා කළේය.

පළමු ඉනිමේදී පී.ද.එස්.කුලරත්න විද්‍යාලය  ඕවර 70.4කදී සියලුදෙනාම දැවී 209 ක් ලබා ගත්තේය ලකිදු තිහංස  ලකුණු 45 ක් සහ සසිදු කෞශාන් ලකුණු 40ක් ලබා ගනිමින් පී.ද.එස්.කුලරත්න විද්‍යාලය ලකුණු 200 සීමාව පැන්නීමට පිතිකරණයෙන් දායකවූහ. දේවපතිරාජ විද්‍යාලයේ  පුල්ජිත් වත්සුක ලකුණු  63 කදී කඩලු 4ක් සහ ගිම්හාන් රසාංජන ලකුණු 46කට කඩලු 4ක් ලබා ගත්හ.

පළමු ඉනිම ක්‍රියාත්මක  කිරීමට ගිය දේවපතිරාජ විද්‍යාලය ඕවර 62.3 කදී සියලුදෙනාම දැවී 266 ක් ලබා ගත්තේය.විහඟ ඉඳුසර ලකුණු 68ක් සහ අරෝෂ සිතුමිණ ලකුණු51 ක්  ලබා ගනිමින් දේවපතිරාක  විද්‍යාලය ලකුණු250 සීමාව පැන්නීමට පිත්තෙන් දස්කම් දැක්වූහ.පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ  ඉනුක ඔහදිත් ලකුණ් 62කට කඩුලු 5ක් ලබා ගත්තේය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට ගිය පී.ද.එස්.කුලරත්න විද්‍යාලය ඕවර 58.4කදී සියලුදෙනාම දැවී ලකුණු 258ක් ලබා ගත්තේය.  පී.ද.එස්.කුලරත්න විදයාලය අදීෂ ඉඳුවර ලකුණු 70 ක් ලබාගෙන සිය විදුහලට  ලකුණු 250 පැන්නීමට පිත්තෙන් දස්කම් දැක්වූවේය.මෙහිදී  දේවපතිරාජ  විද්‍යාලයේ  සඳරු මල්ෂාන් දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 61 කට කඩලු 4ක් ලබා ගත්තේය.

තරගය ජය ගැනීමට  ලකුණු 202 ක් ලබා ගැනීමට ගිය දේවපතිරාජ විදයාලයට ලබා ගත හැකිවූවේ තරගය නතර කිරීමට  නියමිත ඕවර 10දී කඩලු 2ක් දැවී ලකුණු 156ක් පමණි.එහිදී දේවපතිරාජ විදයාලයේ අරෝෂ සිතුමිණ නොදැවී ලකුණු 105ක් ලබා ගත්තේය.

 

පී.ද. එස්. කුලරත්න විද්‍යාලය පළමු ඉනිම - 209 යි
(ලකිදු තිහංස 45, සසිඳු කෞෂාන් 40, පුල්ජිත් වත්සුක 63/4, ගිම්හාන් රසාංජන 46/4)

දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම 266 යි
(විහඟ ඉඳුසර 68, අරෝෂ සිතුමිණ 51, ඉනුක ඔහදින් 62/5, බිහන්දු සන්දුලු 48/2)

පී.ද. එස්. කුලරත්න විද්‍යාලය - දෙවැනි ඉනිම 258 යි
(අදීෂ ඉඳුවර 70, සසිඳු කෞෂාන් 42, සඳරු මල්ෂාන් 61/4, පුල්ජිත් වත්සුක 36/2)

දේවපතිරාජ විද්‍යාලය - 2 ක් දැවී 156 යි
(අරෝෂ සිතුමිණ නොදැවී 105 ගිම්හාන් රසාංජන නොදැවී 28)

 

පන්දු 35කින් ශතකය වාර්ථා කල අරෝෂ සිතුමිණ තරගය නතර කළ අවස්ථාවේදී ක්‍රීඩා ගාරයට එමින්.


අදහස් (0)

ශූරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.