Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඊයේ සහ අද (4 සහ 5) මුහුණ දීමට තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය දින නියමයකින් තොරව කල්දමා තිබේ. ජාතික කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය කල්දමා තිබේ.
ජාතික ක්‍රිකට් සංචිතයට කොරෝනා වයිරසය ඇතුළු වීම හේතුවෙන් සංචිතයේ ක්‍රීඩකයන් 12 දෙනකු සහ සහාය කාර්ය මණ්ඩලයේ තිදෙනකුට ස්වයං නිරෝධායනය වන ලෙස වෛද්‍ය උපදෙස් දී තිබේ. බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු වල නිරතව සිටි සංචිතයේ ක්‍රීඩකයන් සංඛ්‍යාව 36 දෙනෙකි. නැවත දැනුම් දෙන තුරු, අතිරේක අවදානම් වලට මුහුණ නොදී, පරෙස්සමෙන් සිටින ලෙසද සංචිතයේ ඉතිරි 24 දෙනාටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.
ජාතික සංචිතයේ ක්‍රීඩකයකු වන සධීර සමරවික්‍රමගේ විවාහ මංගල උත්සවයටද ළහිරු තිරිමාන්න සහභාගි වී ඇති අතර එම විවාහ උත්සවයට ගිය සෙසු ක්‍රීඩකයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබේ.
බටහිර ඉන්දීය සංචාරය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට පෙර ස්වයං නිරෝධායනය වන ක්‍රීඩකයන් ඊට සහභාගි කරවා ගැනීම ප්‍රශ්නයක් වී තිබේ. මක්නිසාද යත් ස්වයං නිරෝධායනය වන ක්‍රීඩකයන්ට ඒ සඳහා අවම වශයෙන් දින 10 ක වත් කාලයක් දිය යුතු වන බැවිනි. එසේ නැතහොත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවක් කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා බටහිර ඉන්දීය සංචාරය සඳහා පිටත්ව යා යුතුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කතා බහක් නිර්මාණය වී තිබූ අතර කොදෙව් සංචාරය සඳහා පූර්ණ ශාරීරික යෝග්‍යතාව ඇති ක්‍රීඩකයන් පමණක් තෝරා ගතයුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා දිගින් දිගටම පවසා තිබිණ. එබැවින් ලබන 9 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අදහස ඇතිව, 4 සහ 5 දිනවලදී ශාරිරික යෝග්‍යතා පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.