Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත සිල්වෙස්ටර් කඩුලු 5 කින් ජය ගනියි

ශාන්ත සිල්වෙස්ටර් කඩුලු 5 කින් ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර විද්‍යර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැත්වෙන  ‘සුරතලුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව 31 වැනි වරටත් අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති සීමිත ඕවර තරගයෙන් කඩුලු 5 ක් ජයක් වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 25 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. මනෝහරන් පවිත්‍රන් නොදැවී ලකුණු 50 ක්ද, නිම්සර අතරගල්ල නොදැවී ලකුණු 35 ක්ද රැස්කරමින් සිල්වෙස්ටර් විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළහ.  

කාසියේ වාසිය දිනූ සිල්වෙස්ටර් කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහලට ඕවර 42.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. විද්‍යාර්ථ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චතුරංග දිල්ෂාන් ලකුණු 30 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසන් හෙට්ටිආරච්චි ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් අතර විද්‍යාර්ථ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පසන්ට අනගි සහායක් දුන් නදීර බාලසූරිය සහ නිම්සර අතරගල්ල කඩුලු 2 බැගින් දවාගත්හ.


විද්‍යාර්ථ විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 130
(චතුරංග දිල්ෂාන් 30, දුමිඳු විමන්ත 20, මෙදුනක විජේතිලක 17, පසන් හෙට්ටිආරච්චි 25/3, නදීර බාලසූරිය 21/2, නිම්සර අතරගල්ල 31/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 25 කදී කඩුලු 5 ක් දැවී 131
(මනෝහරන් පවිත්‍රන් නොදැවී 50, නිම්සර අතරගල්ල නොදැවී 35, සංජය සෙනෙවිරත්න 18/2)

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් කඩුලු 5 කින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.