කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (05) අවසන් වූ ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 82 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ ජයග‍්‍රහණය ශාන්ත පීතර විදුහලට ප‍්‍රදානය කිරීමට ශාන්ත ජෝශප් විදුහල තීරණය කළේය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (05) පස්වරුවේ තරගය අවසානයේ විසඳුමකින් තොරව අවසන් වුවද පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තරගයට ඇතිවූ බාදා පිළිබඳව අවධානය යොමු කරමින් ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ටේරවිස් ගේබි‍්‍රයල් පියතුමා ජයග‍්‍රහණය ශාන්ත පීතර විදුහට පිරිනැමීමට පියවර ගත්තේය.
ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණය සඳහා ඕවර 12 කදී ලකුණු 66 ක ඉලක්කයක් බාරවූ අතර පස්වරු 6.16 ට තරගය අවසන් කරන විට ඕවර 9.2 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 59 ක් ලබා සිටියේය.
අවසන් අවස්ථාවේදී පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රීඩාංගණයට කඩාවැදීමෙන් පසුව තරගය ආරම්භ කිරීමට සූදානම් වුවද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිසුරුවෝ තීරණය කළහ.
සාම්ප‍්‍රදායික මහ ක‍්‍රිකට් තරගයක මෙන්ම අද දිනයේදී ද වරින් වර පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රීඩාංගණයට කඩා වැදීම හේතුවෙන් තරගයට බාදා ඇති විය. කෙසේ වෙතත් දෙවැනි දිනයට ඕවර 105 ක් පස්වරු 5.45 ට යැවීමෙන් තරගය අවසන් වීමට තිබුණ ද, අද දිනයේ ඕවර 111 ක් පස්වරු 6.16 වන විට ක‍්‍රියාත්මක කර තිබුණි.
ශාන්ත ජෝශප් විදුහල පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සියලූ දෙනා දැවී ලකුණු 263 ක් රැස් කළේය. නෙරාන් ගුණතිලක (72) සහ නිපුන් සුමනසිංහ (51) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත ජොශප් විදුහල ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සමත් වූහ.
තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල ඕවර 7 කදී කිසිවකු නොදැවී ලකුණු 28 ක් රැස්කර සිටියේය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 යේදී කඩුලූ 9 ට 304
(ඉමේෂ් පෙරේරා 29, හෂාන් වනසේකර 59, ලක්‍ෂිණ රොද්‍රිගු 18, රන්මිත් ජයසේන 56, මනිල්ක ද සිල්වා 71, විනූ මොහොට්ටි 13, රවිඳු සිල්වා නොදැවී 14, රුචිර ඒකනායක 55/2, ජෙහාන් ඩැනියල් 79/3, චාරුක උලූදුපිටිය 52/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 106
(නිපුන් සමරසිංහ 25, පහන් පෙරේරා 14, රුචිර ඒකනායක 18, තනීෂ වීරකෝන් 33/6, රවිඳු සිල්වා 28/2)
ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම ඕවර 107.5 කදී සියලූ දෙනා දැවී 263
(රයන් කෙලි 20, සඳරුවන් රොද්‍රිගු 31, නිපුන් සුමනසිංහ 51, පහන් පෙරේරා 30, නෙරාන් ගුණතිලක 72, ෂෙවෝන් ෆොන්සේකා 22, තනීෂ් වීරකෝන් 81/4, විනූ මොහොට්ටි 69/2, සදීෂ් පතිරණගේ 39/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම ඕවර 9.2 කදී කඩුලූ 4 ට 59
(ලක්‍ෂිණ රොද්‍රිගු 31, ජෙහාන් ඩැනියල් 27/2, රුචිර ඒකනායක 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.