Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම ජයගනී

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ අභිත කෞෂාන් ලකුණු 53 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. දිනිදු ආකේෂ් (61) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන්ද, පසිඳු ආකාෂ් (56) මහානාම විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 230 
(දිනිදු ආකේෂ් 61, අයේෂන පෙරේරා 43, ෂෙනාල් තිසේරා 26, අන්චිත වික්‍රමසේකර 29/3, ජීවක ජයලත් 50/3, මෙත්සිළු තෝරදෙණිය 19/2) 

මහානාම විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 61.2 කදී සියලු දෙනා දැවී 222 
(පසිඳු ආකාෂ් 56, තිෂාන් අචින්ත 41, මහේන් කුලතිලක 36, අන්චිත වික්‍රමසේකර 32, අභිත කෞෂාන් 53/6, අෂේන් පෙරේරා 34/2) 

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.