Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පුබුදු ගනේගමගේ දක්ෂ පන්දු යැවීම නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල සමත් විය.
කොළඹ කේරි විදුහලට එරෙහිව කුරුණෑගලදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත ආනා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ශාන්ත ආනා විදුහලේ පුබුදු ගනේගම ලකුණු 62 කට කඩුලූ 10 දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර පියුමාල් සිංහවංශ ලකුණු 41 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය.
කේරි විදුහල පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 95
(සචින් ගොඩමාන්න 38, පියුමාල් සිංහවංශ 39/5, රන්දීර රණසිංහ 18/2, පුබුදු ගනේගම 30/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 66.5 කදී සියලූ දෙනා දැවී 118
(දිනෙත් චන්දිමාල් 24, තරිඳ විජේසිංහ නොදැවී 31, සචින් ගොඩමාන්න 28/5, ලසිත් විමලසේන 20/2, මලීෂ දේෂපි‍්‍රය 24/2)
කේරි විදුහල දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලූ දෙනා දැවී 74
(සචින් ගොඩමාන්න 25, පුබුදු ගනේගම 32/8, පියුමාල් සිංහවංශ 2/2)
ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම - ඕවර 13.5 කදී කඩුල්ලක් දැවී 54
(පුබුදු ගනේගම නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.