Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ශා.ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෂාන් ප්‍රනාන්දුගේ පිතහරඹයත් නිපුන් ධනංජයගේ පන්දු යැවීමත් හමුවේ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ හලාවත ශාන්ත මේරී විද්‍යාලය අතර හලාවත හරින්ද්‍ර කොරයා ක්‍රීඩාංගණයේදී පැවැති ‘සහෝදරයන්ගේ සංග්‍රාමය’ 9 වැනි වාර්ෂික ක්‍රිකට් තරගයේදී කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් හලාවත ශාන්ත මේරී විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 57 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 328 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

ශෂින් ප්‍රනාන්දු නොදැවී ශතකයක් (102) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් සොහාන් අනුරාධ (59) සහ අවිඳු ශෙහාර (නොදැවී 50) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. ලකුණු 84 කට කඩුලු 5 ක් දවාගත් හලාවත ශාන්ත මේරී විද්‍යාලයේ උදිත් හිරුෂික පන්දුවෙන් දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ඇරඹූ හලාවත ශාන්ත මේරී විද්‍යාලයට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.  නිපුන් ධනංජය ලකුණු 53 කට කඩුලු 4 ක් සහ අවිඳු ශෙහාර ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගනිමින් හලාවත ශාන්ත මේරී විද්‍යාලය පළමු ඉනිමේදී අසරණ කිරීමට සමත්වූහ.

ලකුණු 167 ක් පසුපසින් සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ශාන්ත මේරී විද්‍යාලයට සිය දෙවැනි ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 171 ක් පමණි. ඉනිමක පරාජයෙන් ගැලවීමට ශාන්ත මේරී විද්‍යාලයට හැකිවුවද වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට වඩා ඉදිරියෙන් සිටීමට හැකිවූයේ ලකුණු 4 කින්ය.

නිපුන් ධනංජය ලකුණු 69 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශෂාන් ප්‍රනාන්දු ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ශා.ජෝසප් වාස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 328
(ශෂාන් ප්‍රනාන්දු නොදැවී 102, සොහාන් අනුරුද්ධ 59, අවිඳු ශෙහාර නොදැවී 50, නවෝද් ජොහාන් 37, ධනුෂ්ක නෙරංජන 30, උදිත් හිරුෂික 84/5, චාරූක නවිඳු 56/2)

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලුදෙනා දැවී ලකුණු 161
(රොෂේන් මාධව 36, අශේන් තාරූක 26, නිපුන් ධනංජය 53/4, අවිඳු ශෙහාර 37/3)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 61 කදී සියලුදෙනා දැවී ලකුණු 171
(ඉෂාන් දීමන්ත 33, චාරුක තරිඳු 29, රොෂේන් මාධව 26, නිපුන් ධනංජය 69/4, ශෂාන් ප්‍රනාන්දු 25/2)

ශා.ජෝසප් වාස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී ලකුණු 5

 


අදහස් (0)

ශා.ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.