‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට වත්තල ශාන්ත ජෝසප් විදුහල අද (18 වැනිදා) සමත්විය.
රාගම බැසිලිකා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කුලියාපිටිය සාරානාත් විදුහලට එරෙහිව ලකුණු 223 ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත ජෝසප් විදුහල සමත්විය.
ශාන්ත ජෝසප් විදුහලේ ජනිෂ සිල්වා (89), ඉසුරු උදාර (80) සහ චමෝද් දයාන් (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බෙවන් ද සිල්වා සහ චමෝද් දයාන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 325
(ජනිෂ සිල්වා 89, ඉසුරු උදාර 80, චමෝද් දයාන් 50, පසිඳු මුණසිංහ 35, විකුම් තරූෂ නොදැවී 20, අකිඳු බාසිලු 33/3, ලක්ෂාන් වීරසිංහ 37/3, දොමාල් සමෝද් 51/2)
සාරානාත් විදුහල - ඕවර 31 කදී සියලුදෙනා දැවී 102
(ප්‍රගීත් විජේකෝන් 28, බෙවන් ද සිල්වා 07/3, චමෝද් දයාන් 38/3, පසිඳු මුණසිංහ 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.