Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිෂ්ක ප‍්‍රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
ඉකුත් වසරේ අනුශූරයන් බවට පත්වූ කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කරගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 107 කදී ලකුණු 136 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි.
ප‍්‍රවීන් පෙරේරා (15) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක ප‍්‍රනාන්දු, ඉන් නොනැවතී නුවනිඳු ප‍්‍රනාන්දු (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශේල් සිගේරා ලකුණු 57 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වූ අතර නායක සම්මු අශාන් ලකුණු 46 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල් කණ්ඩායමට ඕවර 49.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 250 ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ සම්මු අශාන් පන්දු 79 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 97 ක් රැස්කළේය.
නිසල් ෆ‍්‍රැන්සිස්කෝ සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සම්මු අශාන් සමත් වුවත් එය ආනන්ද විදුහල් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් ප‍්‍රමාණවත් නොවීය.
ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 40 කට කඩුලූ 3 ක් දවාගනිමින් සහ මිෂේන් සිල්වා ලකුණු 36 කට කඩුලූ 2 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර පැවැත්වෙන අවසන් මහ තරගය අනිද්දා (1 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 256
(අවිෂ්ක ප‍්‍රනාන්දු 136, සඳරුවන් ප‍්‍රනාන්දු 34, නුවනිඳු ප‍්‍රනාන්දු 18, ප‍්‍රවීන් පෙරේරා 15, අශේල් සිගේරා 57/4, සම්මු අශාන් 46/2)
ආනන්ද විදුහල - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 250
(සම්මු අශාන් 97, සහන් සුරවීර 32, නිසල් ෆ‍්‍රන්සිස්කෝ 27, නිපුන් හග්ගල්ල නොදැවී 21, සුපුන් වරාගොඩ 21, කමේෂ් නිර්මාල් 16, ප‍්‍රවීන් ජයවික‍්‍රම 40/3, මිෂේන් සිල්වා 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.