Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගර් කුසලාන අන්තර් පාසල් සීමිත ඕවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (28 වැනිදා) පැවැත්වේ. කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැත්වෙන මෙම තරගය හෙට පෙරවරු 10.00 ට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භවේ.
කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත සෙබස්තියන් විදුහල එහිදී ඉසිපතන විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.
ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ආනන්ද කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්ස් කුමර විදුහල් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ආනන්ද විදුහල් කණ්ඩායම නිසල් ෆ‍්‍රැන්සිස්කෝ විසින් මෙහෙයවනු ලබන අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිල අවිශ්ක ප‍්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.