Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අද (24 වැනිදා) සමත් විය.


කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කොළඹ කොල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


ජයග‍්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහල් කණ්ඩායම ලකුණු 171 කට සීමා කිරීමට සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 22 කට කඩුලූ 4 ක් දවාගත්තේය.


ශාන්ත සෙබස්තියන් විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 215  
(තරුෂ ප‍්‍රනාන්දු 41, මිෂේන් සිල්වා 38, අවිෂ්ක ප‍්‍රනාන්දු 30, සඳරුවන් ප‍්‍රනාන්දු 30, අයන සිරිවර්ධන 45/3, ළහිරු දිල්ෂාන් 49/3, ඉවංක සංජුල 20/2)


ඉසිපතන විදුහල -  ඕවර 47 කදී සියලූ දෙනා දැවී 171
(සාලින්ද උෂාන් 45, ප‍්‍රවීන් ජයවික‍්‍රම 22/4, නිමේෂ් බණ්ඩාර 35/3)

 


අදහස් (0)

ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.