Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විනූ මොහොට්ටිගේ දක්ෂ පන්දු යැවීම නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව බම්බලපිටියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මනෙල්ක ද සිල්වා (87) සහ හෂාන් වනසේකර (64) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර විනූ මොහොට්ටි ලකුණු 70 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 77.4 කඩුලූ 9 ක් දැවී 296
(මනෙල්ක ද සිල්වා 87, හෂාන් වනසේකර 64, ලක්ෂිණ රොද්‍රිගූ 33, රවිඳු ද සිල්වා නොදැවී 25, සචින්ත චමිත් 58/5)
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 52.1 සියලූ දෙනා දැවී 159
(ලසිඳු අරෝෂ 45, අශින්ත මල්ෂාන් 38, පැතුම් මහේෂ් 30, විනූ මොහොට්ටි 35/3, චතුර ඔබේසේකර 31/2, සුදේෂ් පතිරණගේ 54/2)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 35.2 සියලූ දෙනා දැවී 93
(ජයමාල් වන්නිආරච්චි 38, පෘතුවි රූසර 23, විනූ මොහොට්ටි 35/4, චතුර ඔබේසේකර 24/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.