Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල සහ ඞී.එස්.සේනානායක විදුහල අතර ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ වයස අවුරුදු 19 පහල ක‍්‍රිකට් තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට සමත්විය. මෙම තරගය ආර්.අයි.ටී.අලස් අනුස්මරණ කුසලානය වෙනුවෙන් විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වීමද විශේෂ සිද්ධියකි.
තරගයේදී ශාන්ත ඇලෝසියස් විදුහලේ නවිදු නිර්මාල් පන්දු 153 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින් නොදැවී 108 ක් ලබාගැනීම සහ අශේන් බණ්ඩාර පන්දු 135 කදී හතරේ පහර 15 සමගින් ලකුණු 110 ක් රැුස් කිරීමත් ඞී.එස්.සේනානායක විදුහලේ ටොරීන් පිටිගල පන්දු 107 කට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 කට ලකුණු 99 ක් ලබාගැනීමත් සමත්විය.
ඞී.එස්.සේනානායක විදුහල පළමු ඉනිම ඕවර 60.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 193 යි.
(ටොරීන් පිටිගල 99,ප‍්‍රභෝධ ගුරුගේ 36/3,අශේන් බණ්ඩාර 13/2,සජිත් සංකල්ප 17/2 )
ගාල්ල ශා. ඇලෝසියස් විදුහල පළමු ඉනිම ඕවර 101කදී කඩුලූ 9 ක් ලබා තිබියදී ලකුණු 335 යි
(අශේන් බණ්ඩාර 110,නවිදු නිර්මාල් නොදැවී 108,පසිඳු ආදිත්‍ය 24/2)
ඞී.එස්.සේනානායක විදුහල දෙවන ඉනිම ඕවර 21 කදී කඩුලූ 3 දැවී ලකුණු 60 යි
(විහාන් ගුණසේකර 34,ගිහාන් නිරෝෂන් 14/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.