Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ආනා - දේවපතිරාජ අ. පූර්ව තරගය අද - හෙට

ශා. ආනා - දේවපතිරාජ අ. පූර්ව තරගය අද - හෙට

ශනුක අරවින්ද - 2016 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර තරගය අද (25 වැනිදා) සහ හෙට (26 වැනිදා) කුරුණෑගලදී පැවැත්වේ.

‘ඞී’ කාණ්ඩයේ ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශාන්ත ආනා විදුහල, කොළඹ කේරි විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

‘සී’ කාණ්ඩයේ අනුශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් දේවපතිරාජ විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ බලපිටිය රේවත විදුහල පරාජය  කරමිනි.

ශාන්ත ආනා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස උමේෂ මස්සක්කාර කටයුතු කරන අතර දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ප‍්‍රසන්න කරුණාවංශ කටයුතු කරයි.

ශාන්ත ආනා විදුහල් සංචිතය -
උමේෂ මස්සක්කාර (නායක), වනිත වන්නිනායක (උප නායක), රන්දීර රණසිංහ, තරිඳ විජේසිංහ, පුබුදු ගනේගම, විමුක්ති බණ්ඩාර, පියුමාල් සිංහවංශ, බුද්ධික සසංක, දිනෙත් චන්දිමාල්, සචිත ජයසේකර, නිලීෂ හසන්ත, බාෂිත ලක්ෂාන්, ජූඞ් නිෂාන්ත, නිපුන් අශොක්, කවිඳු රණසිංහ

දේවපතිරාජ විදුහල් සංචිතය -
ප‍්‍රසන්න කරුණාවංශ (නායක), උමේෂ් කසුන් (උප නායක), නිලංක රුක්ෂිත, රවීන් යසස්, සසිඳු සත්සර, කසුන් ළහිරු, අෂේන් කාංචක, අවිෂ්ක චේනුක, නිමේෂ් චතුරංග, පැතුම් මධුසංක, තිසර දිල්ෂාන්, සුදීර වීරරත්න, කල්ප චේතිය, පවන් සන්දේෂ්, කවිඳු නිර්මාන සහ ජීවක ශෂීන්


අදහස් (0)

ශා. ආනා - දේවපතිරාජ අ. පූර්ව තරගය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.