Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනි විදුහලට කඩුලූ 7 ක ජයක්

ශා. අන්තෝනි විදුහලට කඩුලූ 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව කටුගස්තොටදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත අන්තෝනි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශාන්ත අන්තෝනි විදුහලේ සඳරුවන් ධර්මරත්න ලකුණු 155 කට කඩුලූ 8 ක් දවාගනිමින්ද, සුමංගල විදුහලේ ළහිරු විමුක්ති ලකුණු 128 කට කඩුලූ 8 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සුමංගල විදුහල පළමු ඉනිම -  ඕවර 77.2 කදී සියලූ දෙනා දැවී 303
(නිපුන දේෂාන් 92, හරිත් ලක්ෂාන් 69, විෂ්ව යසස් 34, පුලිත සරත්චන්ද්‍ර 25, සඳරුවන් ධර්මරත්න 129/3, මෙහොමඞ් අල්ෆාර් 18/2, රමේෂ් පේ‍්‍රමරත්න 40/2)
 
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 213
(ලක්ජීව විජේබණ්ඩාර 59, ඩෙවොන් ස්ටොවුටර් 27, සතිෂ් වික‍්‍රමාරච්චි 27, තීක්ෂණ ගුණසිංහ 26, මොහොමඞ් අල්ෆාර් 20, ළහිරු විමුක්ති 61/6, සුමුදු සඳරුවන් 67/2)

සුමංගල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 27.5 කදී සියලූ දෙනා දැවී 78  
(පුලිත සරත්චන්ද්‍ර 21, ළහිරු විමුක්ති 18, සඳරුවන් ධර්මරත්න 26/5, ඩෙවොන් ස්ටොවුටර් 30/3, කවිඳු යාපා බණ්ඩාර 1/2)

ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 33.2 කදී කඩුලූ 3 ක් දැවී 171  
(මොහොමඞ් අල්ෆාර් 66, කවිඳු යාපා බණ්ඩාර නොදැවී 41, ලක්ජීව විජේබණ්ඩාර 36, ළහිරු විමුක්ති 67/2)

 


අදහස් (0)

ශා. අන්තෝනි විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.