Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ කාන්තා විස්සයි20 තරගාවලියේ ක්වාලාම්පූර්හිදී අද (16 වැනිදා) පැවැති පුහුණු තරගයකදී මැලේසියාවට එරෙහිව ලකුණු 84 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය මැලේසියා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 82 ක් පමණි.
මාස් එලිසා හතරේ පහර 2 ක් සමගින් පන්දු 30 කදී ලකුණු 32 ක් ලබාගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.
සෙසු පිතිකාරිණියන්ට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
ඉනෝකා රණවීර සහ ඕෂදී රණසිංහ කඩුලු දෙක බැගින්ද, උදේෂිකා ප්‍රබෝධනී සහ තාරිකා සෙව්වන්දි කඩුල්ල බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබාගැනීමට සමත්වූහ. දැවී ගිය කඩුලු 7 න් 4 ක්ම අනෙක් ක්‍රීඩිකාවන්ට පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දිම සඳහා සිය කැමැත්තෙන්ම ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටියෙන් ඉවත් යෑම හේතුවෙන් දැවී ගිය කඩුලු වේ.
විෂ්මි ගුණරත්න ලකුණු 35 ක්, චමරි අතපත්තු ලකුණු 24 ක්, නිලක්ෂිකා සිල්වා ලකුණු 21 ක් සහ හර්ෂිතා මාධවී ලකුණු 31 ක් ලබා සිටියදි අනෙක් ක්‍රීඩිකාවන්ට පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ.
පසුපෙළ ක්‍රීඩිකාවක් වූ කවීෂා දිල්හාරී හතරේ පහර 4 ක් සමගින් පන්දු 10 කදී නොදැවී ලකුණු 20 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවාය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ කාන්තා විස්සයි20 තරගාවලිය අනිද්දා (18 වැනිදා) මැලේසියාහිදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 166
(විෂ්මි ගුණරත්න 35, චමරි අතපත්තු 24, නිලක්ෂිකා සිල්වා 21, හර්ෂිතා මාධවී 31, කවීෂා දිල්හාරී නොදැවී 20)
මැලේසියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 82
(මාස් එලිසා 32, ඉනෝකා රණවීර 03/2, ඕෂදී රණසිංහ 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.