Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට 100 වැනි ටෙස්ට් ජය
දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට 100 වැනි ටෙස්ට් ජය

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පිට පිටම දෙවැනි වරටත් අයර්ලන්තය ඉනිමකින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ටෙස්ට් ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය අද (28 වැනිදා) වාර්තා කළේය. මෙම තරගයේදී අයර්ලන්තය පරදවා ඉනිමකින් සහ ලකුණු 10 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

වර්ෂ 1982 පෙබරවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරග 311 කට සහභාගි වී තරග 100 ක් ජයග්‍රහණය කරමින් තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ. තරග 119 ක් පරාජය වි ඇත.

එම ජයග්‍රහණ අතරේ ශ්‍රී ලංකාවේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ද පසුගිය සතියේදී අයර්ලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදීම වාර්තා විය. එය ඉනිමකින් සහ ලකුණු 280 ක ජයග්‍රහණයකි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 100 වැනි ටෙස්ට් ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.