Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව සටනක සීමාවට
විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව සටනක සීමාවට

editorial - 2022 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් ඕවර දෙකේදී ලකුණු 31 ක් උදුරාගත් චරිත් අසලංක (නොදැවී 38) සහ චාමික කරුණාරත්න (නොදැවී 14) දෙදෙනා, ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 157 ක් කරා කැඳවාගෙන ගියහ. 

ඉනිමේ 16 වැනි ඕවරය නිමාවේදීත් ශ්‍රී ලංකා පුවරුවේ සටහන් වූයේ ලකුණු 111 ක් පමණි. එහෙත් අවසන් ඕවර 4 න් ලකුණු 46 ක් ලබාගත් අසලංක සහ චාමික කරුණාරත්න දෙදෙනා, සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවෝ කිසිම පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්හ. එහි සාර්ථක ප්‍රතිඵල නෙළාගත් සත්කාරකයෝ ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වන විට ශ්‍රී ලංකාවට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 36 ක් පමණි. එහෙත් තම කඩුලු රැකගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ 10 වැනි ඕවරය වන විට ලකුණු වේගය 6.3 රඳවා ගත්තේ පසුපෙළ පිතිකරුවන්ට ප්‍රහාරය දියත් කිරීමේ පසුබිම සකස් කරමිනි. 

ලෝකයේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඩ් හමුවේ පැතුම් නිස්සංක (40) සහ ධනංජය ද සිල්වා (26) පන්දු 58 කින් ලකුණු 69 ක් එකතු කළහ. හේසල් වුඩ්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් තිදෙනා එක්ව නිළකුණු පන්දු 38 ක් යැවූ අතර අතිරේක ලකුණු 23 නොවූයේ නම් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 130 සීමාවේ රැඳෙන්නටත් තිබිණ. 

චරිත් අසලංකගේ හයේ පහර දෙක හැරෙන්නට ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රහාරය තරමක් අඩපණ වී තිබිණ. ඉකිළියේ ආබාධකට පසුව නැවතත් කණ්ඩායමට එක්වූ පැතුම නිස්සංක, පන්දු 45 කට මුහුණ දෙමින්ලබාගත් ලකුණු 40 ට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණි. 

ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව 

පැතුම් නිස්සංක - දුවද්දී දැවී ගියා 40
කුසල් මෙන්ඩිස් - ඇ.මාෂ් ප.කමින්ස් 5
ධනංජය ද සිල්වා - ඇ.වෝනර් ප.ඇෂ්ටන් ආගර් 26
චරිත් අසලංක - නොදැවී  38
භානුක රාජපක්‍ෂ - ඇ.කමින්ස් ප.ස්ටාක් 7
දසුන් ශානක - ඇ.මැතිව් වේඩ් ප.මැක්ස්වෙල් 3
වනිඳු හසරංග - ඇ.මැතිව් වේඩ් ප.හේසල්වුඩ් 1
චාමික කරුණාරත්න - නොදැවී  14
අතිරේක 23
එකතුව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී  157

කඩුලු වැටීම :
1-06(කුසල් මෙන්ඩිස්), 2-75(ධනංජය ද සිල්වා), 3-97(පැතුම් නිස්සංක), 4-106(භානුක රාජපක්‍ෂ), 5-111(දසුන් ශානක), 6-120(වනිඳු හසරංග)

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : 
මහීෂ් තීක්‍ෂණ, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු

පන්දු යැවීම : 
ජොෂ් හේසල්වුඩ්  : 4-0-26-1
පැට් කමින්ස් : 4-0-36-1
මිචෙල් ස්ටාක් : 4-0-23-1
ඇෂ්ටන් ආගර් : 4-0-25-1
මාකස් ස්ටොයිනිස් : 2-0-17-0
මිචෙල් මාෂ් : 1-0-14-0
ග්ලෙන් මැක්ස්වෙල් : 1-0-05-1


අදහස් (0)

ශ්‍රී ලංකාව සටනක සීමාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.