Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව තෙවැනි තැනට
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය

ශ්‍රී ලංකාව තෙවැනි තැනට

editorial - 2022 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හී තෙවැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව 53.33 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකර ගනිමින් 3 වැනි ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානය 51.85 ක ප්‍රතිශතයක් ලබා ගනිමින් එහි 5 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙරද අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හී තෙවැනි ස්ථානයේ පසු වු ශ්‍රී ලංකාවට, පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය පරාජය වීමත් සමගින් 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවිය. එහිදී පාකිස්තානය 3 වැනි ස්ථානය දක්වා ඉහළ ගියේය.

දකුණු අප්‍රිකාව 71.43 ජයග්‍රාහී ප්‍රතිශතකයක් සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන අතර 70.00 ක ජයග්‍රාහී ප්‍රතිශතකයක් හිමි ඕස්ටේ්‍රලියාව ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

පාකිස්තානයට අමතරව 52.08 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකර ගෙන ඇති ඉන්දියාව සහ 50.00 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ඇති බටහිර ඉන්දීය කොදෙව් පිලද, ශ්‍රී ලංකාව සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක අතරට එක් වීමට තියුණු සටනක නිරත වෙති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.