Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව අවමානයෙන් ගැළවීමේ සටනක

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැළවීමේ සටනක

editorial - 2022 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

දෙවැනි එක්දින තරගය වැස්සට සේදීයෑම හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියද, අවසන් තරගය ජයගනිමින් 1-1 ක් ලෙස තරගාවලිය සම කරගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම ෙහෙට (30 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 

පළමු තරගය ජයගත් ඇෆ්ඝනිස්ථානය 1-0 ක් ලෙස ආරම්භයේදීම තරගාවලියේ පෙරමුණ ගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. 

හෙට පැවැත්වෙන තරගය ජයගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලිය සම කිරීමේ අවස්ථාව හිමිවන අතර එම තරගය පරාජය වුවහොත් හෝ වැස්සට සේදී ගියහොත් එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාව බවට එය පත්වනු ඇත. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ දක්වා එක්දින තරග 5 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 3 කදී ඇෆ්ඝනිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත්ව ඇත්තේ තරග 2 කදී පමණි. කෙසේ වුවත් එකිනෙකාට එරෙහිව එක්දින තරගාවලියකදී මෙම කණ්ඩායම දෙක තරග වදින පළමු අවස්ථාව මෙයයි. 

පළමු සහ දෙවැනි තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සහ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම් දෙක බොහෝ දුරට කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයයටද සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. පැතුම් නිස්සංක සහ චරිත් අසලංක සිය විවාහ ගිවිස ගැනීම්වලින් පසුවද, කසුන් රාජිත සිය මංගල උත්සවයෙන් පසුවද අද (29 වැනිදා) කණ්ඩායම සමග යළිත් පුහුණුවීම් සඳහා එක්ව සිටියහ.

 


අදහස් (1)

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැළවීමේ සටනක
  • Kumar (Gulf) Wednesday, 30 November 2022 01:52 AM

    ලංකාවේ බයියන්ට මොන ක්‍රිකට්ද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.