Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සධීරට

ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සධීරට

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාකිස්ථානු ‘ඒ’ කණ්ඩායම සමඟින් මේ මස අගදී ආරම්භවීමට නියමිත නිල නොවන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය සධීර සමරවික්‍රමට හිමිවී ඇත.

සමරවික්‍රම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ආකෘති තුනෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක්වී ඇති අතර, අවසන් වරට ඉන්දියාවට එරෙහිව ජූලි මාසයේදී පැවති තුන්වැනි සහ අවසාන විස්සයි20 තරගයට ක්‍රීඩා කළේය. එම තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙකක සහ නිල නොවන එක්දින තරග තුන සඳහා 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ)

සධීර සමරවික්‍රම (නායක), ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, සම්මු අශාන්, ලසිත් අබේරත්න, ධනංජය ලක්ෂාන්, මොහොමඩ් ෂිරාස්, කලණ පෙරේරා, ෂිරාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්, අශේන් ඩැනියෙල් සහ දුවිඳු තිලකරත්න

තරග කාලසටහන 

ඔක් 28 - 31 - පළමු නිල නොවන ටෙස්ට් තරගය පල්ලෙකැළේදී
නොවැ 4-7 - දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය පල්ලෙකැළේදී
නොවැ 10 - පළමු එක්දින තරගය දඹුල්ලේදී
නොවැ 12 - දෙවැනි එක්දින තරගය දඹුල්ලේදී
නොවැ 15 - තුන්වැනි එක්දින තරගය දඹුල්ලේදී

- 2079


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සධීරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.