Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
------------------------
දමින්ද විජේසූරිය
------------------------
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර තිබේ. සනත් ජයසූරියගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමට, 1992 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අරවින්ද ද සිල්වාත් ඇතුළත්ව සිටී.
කෙසේ වෙතත් අරවින්ද ද සිල්වා මෙම තරගයේදී ක්‍රීඩා කිරීමට සූදානම් යයි තවමත් තහවුරු කර නැතැයිද ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙත් මහතා පැවසීය. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව සංවිධානය කරන ලද මෙම තරගය මැයි මස 4 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නවතම තත්ත්වය අනුව මෙම තරගය නරඹන්න්ට තහනම් වෙයි. එහෙත් රාත්‍රී 7.00 ට ආරම්භ කෙරෙන තරගය රූපවාහිනය ඔස්සේ සජීවී ලෙසින් නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන බව කලින් නිවේදනය කර තිබිණ. එහෙත් මෙම කණ්ඩායම කිසිසේත්ම ‘ලෙජන්ඩ්ස්’ ලෙසින් හැඳින්වෙන්නේ නැති බව එහි කළමණාකරු තහවුරු කරයි. අනෙක් අතට, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටින නමුත්, ජාතික කණ්ඩායම ඊට සහභාගි වන්නේද නැත.
තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතරය. දැනට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතුරින් දසුන් ශානක සහ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පිලට ඇතුළත් වෙති.
ජාතික කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සභාපතිගේ පිල සමග එක්වෙයි. හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම මේ වන විට තම තමන්ගේ නිවෙස්වල හුදෙකළාව සිටින අතරම ජෛව ඒකකයක් ලෙසින් ද කටයුතු කරන බවත් කණ්ඩායමේ කළමණාකරු පැවසීය. කණ්ඩායම හෙට (28 වැනිදා) පෙරවරුවේදීත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පුහුණුවීම් කිරීමට නියමිතය.
“අපි මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණයක් කරලා ඒකකයක් වශයෙන් කටයුතු කරනවා. අදත් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් කළා. හෙටත් තව එකක් කරනවා.. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා” යයිද ශ්‍යාම් ඉම්පෙත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම ලබන 3 වැනිදා මහනුවර බලා පිටත්ව යාමට නියමිතය. ඔවුන්ගේ නවාතැන් සඳහා මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලය වෙන්කර තිබේ. මහනුවර බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තවත් පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකක් පැවැත්වීමට නියමිය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම
සනත් ජයසූරිය (නායක), අරවින්ද ද සිල්වා, සමන් ජයන්ත, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, තිලාන් තුෂාර මිරැන්ඩෝ, අජන්ත මෙන්ඩිස්, උපුල් තරංග, උපුල් චන්දන, චාමර කපුගෙදර, මලින්ත වර්ණපුර, චාමර සිල්වා සහ ඉන්දික ද සේරම්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, මොහොමඩ් ෂිරාස්, විජේකාන්ත් වියස්කාන්ත්, ධනංජය ලක්ෂාන්, මහේෂ් තීක්‍ෂණ, ෂිරාන් ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.